fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුරකථන ගාස්තු 42% කින් වැඩිවන කතාව බොරුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 12:28

දුරකථන ගාස්තු 42% කින් වැඩිවන කතාව බොරුවක්

වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් පළ වන පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

සැබවින්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වන්නේ 3%කින්.

එය සිදු වන්නේ මෙසේය.

මීට පෙර දුරකථන ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා VAT බද්ද 15%ක් පනවා තිබුණු අතර නව VAT බදු යටතේ එය 18%ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඒ අනුව දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වූයේ 42%ක් නොව 3%ක් පමයි.

ඒ අනූව ඔබේ මාසික බිල්පත රු. 1000 ක් නම් VAT බදු නිසා ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන්නේ රු. 30 ක් පමයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්