fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට සිරදඬුවම්

hasiniek
By hasiniek ජනවාරි 2, 2024 15:36

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට සිරදඬුවම්

නොබෙල් ත්‍යාග ලාභී බංග්ලාදේශ ජාතික මුහම්මද් යූනුස් හට එරට අධිකරණයෙන් සිරදඬුවම් නියම කර තිබෙනවා.

බංග්ලාදේශයේ කම්කරු නීති උල්ලංඝනය කිරීම හේතුවෙනුයි මාස 6ක කාලයක් සදහා ඔහු සිරදඬුවම් නියම කර ඇත්තේ.

යූනුස්ට අයත් සමාගමක් වන ග්‍රාමීන් ටෙලිකොම් ආයතනයේ සේවකයින්ට සුබසාධන අරමුදලක් ආරම්භ කිරීමට ඔහු අපොහොසත්වීමට වරදකරු වීම හේතුවෙන් මෙලෙස සිරදඬුවම් නියම කෙරුණා.

කෙසේ වුවද ඔහුට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි යූනුස් පවසන්නේ.

දේශපාලන බලපෑම් මත තමන්ට එරෙහිව මෙලෙස අසත්‍ය චෝදනා එල්ල කරන බව ඔහු සඳහන් කරනවා.

දුගී ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට ශුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදී මිලියන ගණනකගේ ජිවිත යහපත් තත්ත්වයට පත්කළ පුද්ගලයෙකු ලෙසයි මුහම්මද් යූනුස් සැලකෙන්නේ.

hasiniek
By hasiniek ජනවාරි 2, 2024 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්