කෘෂිකාර්මික අංශය කඩිනමින් නවීකරණය කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබෙනවා.
ඒ සඳහා වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඒ අනුව 2048 වසර වන විට සංවර්ධිත ශ්‍රිලංකාවක් ගොඩනැගීමේ කාර්යභාරයට කෘෂිකාර්මික ක්ෂේත්රයේ දායකත්වය ලබාගැනීම සදහා ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව පළවුණා.
කෘෂිකර්ම අංශ නවීකරණය සදහා වූ ලේකම් කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමට නියමිතයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කෘෂිකර්ම අංශ නවිකරණ සේවා සහ දැනුම් කේන්ද්‍රස්ථාන පිහිටුවීමට ද නියමිතව තිබෙනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ගොවිජන සංවර්ධන පනත ඇතුළු අනෙකුත් අදාළ නීතිමය සංශෝධන සිදු කෙරෙනු ඇති.