fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 තුළ සැකකරුවන් 822ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2024 10:48

ගතවූ පැය 24 තුළ සැකකරුවන් 822ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 822නෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 273ක්,  අයිස් ග්‍රෑම් 111ක්, ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 632ක් සහ මත්පෙති 426 ක් පොලිස් භාරයට ගත්  බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

මුළු සැකකරුවන් අතරින් 60ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩි දුර විමර්ශන සිදුකරනු  ලබනවා.

එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 72නෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛණගත ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීරිගම පල්ලේවෙල යුක්තිය මෙහෙයුමේදී අපරාධයක් සදහා සගවා තිබූ පිස්තෝලයක් සොයා ගැනීමට පල්වෙල පොලිසිය සමත්ව තිබෙනවා. පස්යාල මක්කානිගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක තිබියදී මෙම පිස්තෝලය සොයා ගැනුණේ. එම නිවසේ අයිතිකරු ව්‍යාපාරිකයෙකු වන බවත් ඔහු තදින් මත්කුඩුවලට ඇබ්බැහිවුවෙකු බවත් පල්ලෙවෙල පොලිසිය පවසනවා.

පිටිගල පොලිසිය මගින් කේරල ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 570ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 861ක් බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ ලොරි රථ දෙකක්,  වෙළෙදසැලක තිබී නීති විරෝධී දුම්වැටි 173ක් සොයා ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 17ක්, විවිධ ජාවාරම්වල නිරත පුද්ගලයින් 11දෙනෙකු සහ  පුනරුත්ථාපනය සදහා 17 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2024 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්