fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ගැන පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනපතිට

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 17:23

ක්‍රිකට් ගැන පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සිය වාර්තාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්