කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාරේ අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිට පාරෙන් අනෙක් පස මාර්ගයේ ගමන් කරමින් තිබු ත්රී රෝද රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා .
අද(01) දහවල් එකයි තිහට පමණ මෙම ගිනි ගැනීම සිදුව තිබුණා.
රථයේ පිටුපස කාන්තාවක් හා ළමුන් තිදෙනෙක් ගමන් කර ඇති අතර ගිනි ගැනීම හේතුවෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පවසනවා.
ගිනි නිවීමේ රථයක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා