කළුතර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්කර ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලිසියපැවසුවේ
පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකුව නංවාගෙන මෝටර් රථයෙන් මුහුදු බඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර, කළුතර සිට මරදාන බලා ධාවනයවූ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය ප්රකාශ කළා