fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවි ආයුධ නිෂ්පාදනය මේ වසරේදී තවත් වැඩි කරන බව යුක්රේන ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2024 14:03

අවි ආයුධ නිෂ්පාදනය මේ වසරේදී තවත් වැඩි කරන බව යුක්රේන ජනපති කියයි

යුක්රේනයේ නිෂ්පාදනය කරන අවි ආයුධ ප්‍රමාණය මේ වසරේදී තවත් වැඩි කරන බව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා.

නව වසර වෙනුවෙන් සිදු කළ කථාවේදී ඔහු ප්‍රතිඥා දෙමින් මේ බව කියා සිටියා.

එමෙන්ම මෙම වසරේදී , සතුරාට දේශීයව නිෂ්පාදනය කරන අවි ආයුධ වලින් සිදු වන බලපෑම තදින් දැනෙනු ඇති බවද ඔහු සඳහන් කළා.

මේ යටතේ අවම වශයෙන් ඩ්‍රෝන යානා මිලියනයක්වත් නිෂ්පාදනය කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නා.

මේ අතර යුක්රේනයේ ඔඩේසා හා රුසියා පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් කලාපයේ ප්‍රහාරවලින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2024 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්