fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 11:40

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

අද (01) දිනයේ සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 05.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමනාරම්හ කිරීමට නියමිතයි.

එමෙන්ම සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය මගී ජනයාගේ පහසුව පිණිස සෙනසුරාදා දිනයේද ධාවනය කිරීමට නියමිත වනවා .

සතියේ දිනයන්හී රාත්‍රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය අද (01) සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර තිබෙනවා

පස්වරු 02.00ට මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය අද (01) සිට පස්වරු 01.55ට මරදාන සිට අලුත්ගම දක්වා ගමනාරම්භ කිරීමට නියමිත බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

 

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්