fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ ජගත් සාම සාධක මෙහෙයුම් අදින් අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2023 15:41

මාලි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ ජගත් සාම සාධක මෙහෙයුම් අදින් අවසන්

මාලි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ ජගත් සාම සාධක මෙහෙයුම් අදින් අවසන් වනවා.

ජගත් සාම සාධක හමුදාවට අයත් අවසන් භට කණ්ඩායමත් මාලි රාජ්‍යයෙන් අද දිනය තුළදී ඉවත් කර ගැනීමට නියමිතයි.

මාලි රාජ්‍ය යේ ක්‍රියාත්මක වූ කැරළි කණ්ඩායම් මර්දනය කිරීම සදහා 2013 වසරේ දී ජගත් සාම සාධක හමුදාව එරටට අනියුක්ත කෙරුණා.

කෙසේ වුවද එරට හමුදා පාලනයේ ඉල්ලීම මත 2023 වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සියලුම සාම සාධක භටයින් ඉවත් කර ගැනීමටයි ජගත් සංවිධානය තීරණය කළේ.

වසර 10ක මෙහෙයුම් කාලය තුළදී කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් සාමසාධක භටයින් 310 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ලෙබනනයට පසු වැඩිම සාමසාධක භටයින් සංඛ්‍යාවක් මියගිය රට ලෙස මාලි රාජ්‍යය හැදින්විය හැකියි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2023 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්