යුක්රේනය එල්ල කළ ගුවන් ප්රහාරයකින් රුසියාවේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිරිත දිග රුසියාවේ, රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ බෙල්ග්රෝඩ් ප්රදේශයටයි මෙම ගුවන් ප්රහාරය එල්ල කර ඇත්තේ. ප්
රහාරයෙන් මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් තුන් දෙනෙකු ද ඇතුළත්.
සියයකට අධික පිරිසක් ප්රහාරයෙන් තුවාල ලබා ඇති බව එම ප්රදේශයේ ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා.
රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු යුක්රේනය රුසියාවට එල්ල කළ ප්රබලතම ප්රහාරය ලෙස මෙය හැදින්විය හැකියි. ඊයේ දිනයේදී රුසියාව යුක්රේනයට එල්ල කළ ගුවන් ප්රහාර මාලාවට ප්රතිචාර ලෙස මෙම ප්රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්ලේෂකයීන් මත පල කරනවා.