රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් පළ කරනු ලබන ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන බොහෝ පිරිස් අපහසුතාවයන්ට පත්ව ඇති බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන් හෝ කාලගුණය සම්බන්ධව තොරතුරු ලබාගැනීමේදී වගකිවයුතු ආයතන මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව පමණක් සැලකිලිමත් වන ලෙස එතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.