fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියන් සාගරය තුළ සිදුවූ භූ කම්පන දෙකෙන් මෙරටට බලපෑමක් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2023 12:09

ඉන්දියන් සාගරය තුළ සිදුවූ භූ කම්පන දෙකෙන් මෙරටට බලපෑමක් නැහැ

ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භූගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඉන්දියන් සාගරය තුළ ඊයේ අලුයම භූ කම්පන 02ක් සිදු වූ අතර, ඉන් එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක් ලෙස ද දෙවැනි කම්පනය ඒකක 5.8ක් ලෙස ද වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, මෙම කම්පන හරහා මෙරටට බලපෑමක් සිදු නොවන අතර, ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බවයි.

නමුත් නොගැඹුරු සාගරයේ භූකම්පනයක් සිදු වුවහොත් එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත්, එවන් මොහොතක ලංකාවටද බලපෑමක් ඇති වන බවයි භූ විද්‍යාඥයින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2023 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්