ලබන වසරේදී සිංගප්පූරුව එරට බදු වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.
ජීවන වියදම ඉහළයාම මධ්‍යයේ වුවද මෙසේ බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි එරට රජය පවසන්නේ.
දැනට 8%ක් වන බදු ප්‍රතිශතය 9%දක්වා ඉහළ නංවා තිබෙනවා.
බදු ඉහළ දැමීමත් සමග එදිනෙදා භාවිතයට ගැණෙන පාරිභෝගික භාණ්ඩවල සිට සුඛෝපභෝගී භාණ්ඩු දක්වා භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇති.
එමෙන්ම සේවා අංශයට ද මෙම බදු ඉහළ දැමීම අදාළ බවයි වාර්තා වන්නේ.
වසර 15ක කාලයක් නොවෙනස්ව 7%ක බදු ප්‍රතිශතයක් සිංගප්පූරුව පවත්වාගෙන ගිය අතර එය 8% දක්වා ඉහළ දැමුනේ පසුගිය ජනවාරි මාසයේදීයි.