අමල් ඉන්දික නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුකර ගැනීමට මිරිහාන පොලීසිය කටයුතු කර තිබෙනවා.
එහි දී සැකකරු යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මාර්ගය හරස්කොට කළ පරීක්ෂාවක දී හෙරොයින් මිලිග්‍රෑම් 6,390ක ප්‍රමාණයක් සොයාගෙන තිබුණා.
පසු ව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සැකකරුගේ නිවස පරීක්ෂාවට මාදිවෙල ප්‍රදේශයේ ඔහුගේ නිවස පිහිටි ස්ථානයට පැමිණ තිබෙනවා.
එහි දී නිවැසියන්, සුනඛයන් යොදා පොලීසියට ඇතුළු වීම වළකාලීමට කටයුතු කර ඇති අතර, පසු ව පොලීසිය නිවසට ඇතුළු වී තිබෙනවා.
එහි දී නිවැසියන්ගේ විරෝධය මධ්‍යයේ සිදු කළ සෝදිසි කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 15ක් නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම නිවසේ අයිතිය පිළිබඳ තහවුරු කිරීමට අසමත් වුවහොත් එය රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කර තිබෙනවා.
සැකකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.