කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක්
අඩි 16 බැගින් විවෘත කර ඇති හදිසිවාන් දොරටු මගින් මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 13443ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙමින් පවතිනවා.
මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළ සිට දුම්රිය පාලම දක්වා කොටස ජලයෙන් යටව ඇති අතර මේ වනවිට එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇන හිට තිබෙනවා.