2023 වසරේ දී පමණක් නොව ගත වූ කාලය තුළ චීන මහජන සමූහාණ්ඩුව ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසනවා.
එය විග්රහ කිරීමට හොඳම මාපකයක් වනුයේ ඇමරිකාව චීනය කෙරෙහි දක්වන ස්ථාවරයයි.
2023 සැප්තැම්බර් 13 වනදා ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් උසස් අන්තර්ජාතික අධ්‍යයනය පිළිබඳ ජෝන් හොප්කින්ස් පාසලේ දී ප්‍රකාශ කළේ පශ්චාත් නිරවි යුද සමය දැන් අවසන්ව ඇති බවයි.
එමෙන්ම 1991 නිර්මාණය වූ ලෝක රටාව අවසන් වී නව ලෝක රටාවක් මේ වනවිට ආරම්භ වී බවත් එය චීනයේ ප්‍රධානත්වයෙන් සිදු වන බව ද බ්ලින්කන් ප්රකාශකළා.
. බිඳ වැටෙමින් තිබෙන ඇමරිකාවේ ආධිපත්‍යයට ප්‍රධානම තර්ජනය වනුයේ චීනය බව ඇතැම් පාර්ශ්වයන්ගේ මතයයි.
එහෙයින් චීනය ආර්ථික බලවතකු ලෙස නැඟී සිටීම වැළැක්වීමට උපායමාර්ගයක් සකස් කළ යුතු බව ද ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදී කියාසිටියා.
ඒ සඳහා “සම්ප්‍රදායික මෙල්ල කිරිමේ උපක්‍රමය ප්‍රමාණවත් නොවන බවත්, චීනය ඉලක්ක කර ඇමරිකාවේ මිලිටරි ආධිපත්‍යය ලොව පුරා ව්‍යාප්ත කළ යුතුය” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියා.
. ඇමරිකාවේ හැසිරීම් සම්බන්ධයෙන් මෙවැනි නිදසුන් ගණනාවක් ඉදිරිපත් කළ හැකි බවත්, චීනය ආර්ථික, සමාජයීය, ආරක්ෂක සහ අන්තර්ජාතික සබඳතා යනාදියෙන් සාක්ෂාත් කර ගෙන ඇති කැපී පෙනෙන දියුණුව මෙවැනි තර්ජන එල්ල වීමට හේතු වී ඇති බවත් මොහාන් සමරනායක මහතා සඳහන් කළා
චීනය 1978 වසරේ දී හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ විශාල ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට සමත් විය. එමෙන්ම වර්තමානයේ වේගයෙන්ම වර්ධන ප්‍රවණතාවක් පෙන්වන රාජ්‍යය චීනය බව ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබෙනවා.
ලොව ප්‍රබල රාජ්‍යයන් අතර විශාලතම අතිරික්ත ප්‍රාග්ධන සංචිතය ඇත්තේ ද චීනය සතුවයි. ඒ සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණ බෙහෙවින් ඉවහල් විය. එමෙන්ම කොවිඩ් වසංගතය වැනි විවිධ අභියෝග හමුවේ වුව ද සාර්ථක ජයක් අත් කර ගැනීමට චීනයට හැකි විය. යම් යම් ආර්ථික ගැටලු නිර්මාණය වුව ද ඒවා නිවැරැදිව කළමණාකරණය කර ගැනීමට ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනය සමත් වූ බව ද හෙතෙම කියාසිටියා
සමාන අභිලාෂන් සහිත රාජ්‍යයන් සමග එක්ව චීනය, බලපෑම් කිරීම, තර්ජනය කිරීම සහ ආධිපත්‍යය පැතිරවීම යන ලක්ෂණයන්ගෙන් සමන්විත ඒක ධ්රැව ලෝක රටාව වෙනුවට නව ලෝක රටාවක් බිහි කිරීම අරඹා ඇත. එය සහයෝගීතාව, සංවර්ධනය, පරිසර සංරක්ෂණය, පොදු මානව වටිනාකම් සුරැකීම සහ වර්ධනය යනාදියෙන් සමන්විත නව ලෝක රටාවක් වීම විශේෂත්වයක්.
මෙම වසරේ මාර්තු මස 15 වන දින ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලෝකයේ විවිධ දේශපාලන පක්ෂ සමග සිදු කළ සංවාදයේ දී නව ගෝලීය සහයෝගීතා වැඩසටහනක් හඳුන්වා දුන්නේය. “ගෝලීය සභ්‍යත්ව ප්‍රවේශය” හෙවත් “ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම” නම් වූ එම සංකල්පයෙහි අරමුණ ගැටුම වෙනුවට සහයෝගීතාව, සංවර්ධනය, සමානාත්මතාවය, සාමය සහ සාර්ධර්ම ආරක්ෂා කිරීම මුල් කර ගත් ජාත්‍යන්තර සහයෝගීතා ජාලයක් ගොඩනැඟීමයි. සංහිදියාව, සාධාරණත්වය මෙන්ම පොදු සංවර්ධනයක් සහිත නව ලෝක රටාවක් නිර්මාණය කිරීමට චීනය දරන ප්රයත්නය මෙම සියලු ක්‍රියාමාර්ග තුළින් මනාව පෙන්නුම් කෙරෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.