fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝව හරහා සිදුවන අනවසර සංක්‍රමණ ඇමරිකාවට හිසරදයක් වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 14:31

මෙක්සිකෝව හරහා සිදුවන අනවසර සංක්‍රමණ ඇමරිකාවට හිසරදයක් වෙයි

මෙක්සිකෝව හරහා සිදුවන අනවසර සංක්‍රමණ ඇමරිකාවට දැඩි හිසරදයක් වී තිබෙනවා.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ වර්ෂයකට එළඹීමත් සමඟම මෙය ඔහුට දැඩි හිසරදයක් වී තිබෙනවා.

මේ හේතුවෙන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මෙක්සිකෝ නගරයේ සංචාරයකද නිරතව සිටිනවා.

එහිදී මෙක්සිකෝ බලධාරීන් සමඟ ඔහු සාකච්චා කළා.

සංක්‍රමණිකයන් බස් රථවල හෝ දුම්රියවල දේශසීමා වෙත ගෙන යන ජාවාරම්කරුවන් මර්දනය කිරීම ඇතුළුව ඔවුන් ගන්නා නව ක්‍රියාමාර්ග පිළිබඳව මෙක්සිකානු නායකයින් එහිදී රාජ්‍ය ලේකම් වරයා දැනුවත් කළා.

මේ වන විට අනවසරයෙන් ඇමරිකාවට ඇතුළු වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව දිනකට 10,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 14:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්