fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය මාතලේ දී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 12:03

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය මාතලේ දී

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය මාතලේ දී පැවැත්වුණා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය හා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය එක්වයි එය සංවිධාන කළේ.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මීට එක් වුණා.

නිපුණතා ඉසව් හතළිස් එකක් යටතේ ජයග්‍රාහකයින් දෙසිය පස් දෙනෙකු සදහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කෙරුණා.

එමෙන්ම සහභාගීත්ව සහතික පන්සිය හැත්තෑ නවයක් පිරිනැමීම ද සිදු වුණා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය තුන්මුල්ලේ සීලක්කන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දෙස් විදෙස් මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්