fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ බීජ අර්තාපල් තොගයකට දිලීර වර්ධනය වීම සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 11:20

යාපනයේ බීජ අර්තාපල් තොගයකට දිලීර වර්ධනය වීම සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙයි

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි වන අයුරින් දිලීර වර්ධනය වී තිබීම සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (27)  උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික්ක කාර්යාලය මගින් ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අද දින (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබෙනවා.

එහි දැක්වෙන පරිදි තිරුනෙල්වේලි හි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින්ද මේ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම බීජ අර්තාපල් තොගය ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කරන ලද තොගයක් වන අතර ඒවා  ගොවින්ට බෙදා දීම සඳහා යාපනයේ කුප්පිවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබෙනවා.

කෙසේ වුවද නිසි පරිදි ගබඩා කර නොතිබීම නිසා දිලීර විශේෂයක් හා බැක්ටීරියා විශේෂයක් මේ වනවිට එම අර්තාපල් තොගයෙන් 40%ක පමණ වැළඳී ඇති බව සිදු කරන ලද විමර්ශන අනුව පෙනී ගොස් තිබෙනවා.

විශේෂයෙන් මෙම බීජ අර්තාපල් බහුතරයක් හොඳටමකුණු වී  ඇති බවත් ඒ ආශ්‍රිතව GeotrichumSppනැමැති දිලීරයත් PectobacteriumCarotovorumනැමැති බැක්ටීරියාවත් එම බීජ අර්තාපල්වලට වැලදී ඇති බව සිදු කරන ලද pathogenic විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

පරිසර දූෂණය වැලැක්වීම සඳහා බලයලත් ශාක නිරෝධායන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නරක් වූ බීජ අල වහාම බැහැර කිරීමට උපදෙස් දී තිබෙනවා.

සම්පූර්ණ පරීක්‍ෂාවෙන් පසු ජාතික පැළෑටි නිරෝධායන නිර්දේශ මත පදනම්ව ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන බීජ අල මුදාහැරීම සලකා බැලිය හැකියි.

ඒ සඳහා නිර්දේශය කරන්නේ නම්ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන අල ගොවීන්ට බෙදා හැරීමට සිදුකරනු ලබනඅතර, Tiophannate-Methyl50%, හා Thiram වැනි හෝ සුදුසු දිලීරනාශකයක් සිටුවීමට පෙරයෙදීම නිර්දේශකළ යුතුය.

­­මේ අතර මෙම බීජ අර්තාපල් නිසි ලෙස ගබඩා කිරීම සඳහා පියවර නොගැනීම මෙන්ම ඒවා විනාශ වීම මගින් රජයට සිදු කළ පාඩුව සැළකිල්ලට ගෙන අදාල වගකිවයුතු නිලධාරින්ගෙන් කරුණු විමසන ලෙසත්, ඊට අදාලව ඉහළම පියවර ගන්නා ලෙසත්  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්