නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉඳිකටුපහණ යන ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති.
ශ්‍රී පාදස්ථානයට ඉදිරි වසර පහනක කාලයක් සඳහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදීම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදීමට ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් කැනීම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් , යකඩ විදුලි කණු , විදුලි රැහන් , සිමෙන්ති සහ අනෙකුත් අමුද්‍රව්‍යයන් නල්ලතන්නිය ක්‍රීඩාංගණයේ සිට ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටර් යානයකින් රතු අම්බලම සහ ඉදිකටුපහණ දක්වා රැගෙන යනු ලැබුහ.
එසේ රැගෙන ගිය විදුලි ට්‍රාන්ස්ෆොමර් හතර මේ වන විට සවිකර ඇත.
දැනට ශ්‍රී පාදස්ථානයට විදුලිය සපයන රතු අම්බලම ප්‍රදේශයේ සවි කර ඇති KV 25 විදුලි ට්‍රාන්ස්ෆොමරය වෙනුවට KV 160 විදුලි ට්‍රාන්ස්ෆොමර් දෙකක් ස්ථාපනය කර ඇති අතර, ඉදිකටුපහණේ ස්ථාපනය කර ඇති KV 25 ට්‍රාන්ස්ෆොමර් දෙක වෙනුවට KV 100 සහ KV 160 අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් දෙකක් මේ වන විට සවි කර ඇති බවත්, ඒ සඳහා විදුලි රැහන් ඇදීම මේ දිනවල සිදු කරන බවයි එම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.