fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 08:59

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් අත්අඩංගුවට

සීදූව ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.12.27 වන දින සීදුව පොලිස් වසමේ 04 වැනි පටුමග, රාජපක්ෂ පුර, සීදුව ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 760 ක් මුදල් රුපියල් 23,700 ක් සහ ජංගම දුරකථන 02 ක් සන්තකයේ තබා ගෙන සිටි සීදුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.‍

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්