අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151 මිලි ග්‍රෑම් 720 ක් මත්පෙති 243 ක් කාර් රථයක්, ඩිජිටල් තරාදි 03 ක් ජංගම දුරකථන 03 ක් සන්තකයේ තබාගෙන සිටි ගම්පහ සහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 31 ත් අතර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් වැලිවේරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඩුබායි රාජ්‍ය රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙසෙල් වත්තේ ධනුක සහ දෙනුවන් යන අයවළුන්ගේ සමිපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.