fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තලංගම දේවානන්ද ස්වාමීන්වහන්සේට හිමිවූ සංඝනායක ධූරය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 19:47

තලංගම දේවානන්ද ස්වාමීන්වහන්සේට හිමිවූ සංඝනායක ධූරය

පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන්වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර හා මධ්‍යම ප්‍රාන්තයන්හි ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබුවා.

පදවි ප්‍රාප්තික පිංකම පැවැත්වුණේ  ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ලංකාරාමය / ඉන්දියානා බෞද්ධ විහාරය /ඔහායෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයන්හි විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරී පූජ්‍ය තලංගම දේවාන්නද ස්වාමීන්වහ්සේට සංඝනායක ධුරයට අදාළ විජිනි පත පිලිගැන්වූයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපිතිනී ජූලි චන්ග් මහත්මියයි.

කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගේ සුරතින් සන්නස් පත්‍රය ප්‍රදානය කෙරුණා.

මහාසංඝරත්නය ද විදෙස් රටවල් රැසක නියෝජිතයන් ද  සැදැහවතුන් විශාල පිරිසක් ද  පදවි පාත්‍ර පිංකමට එක්ව සිටියා.

කෝට්ටේ රජමහා විහාරස්තාන පුද බිමේදී පැවති මෙම බිංකමට සමගාමීව 500 නමක් විෂයෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 19:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්