ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිදුවූ ඇමෝනියා කාන්දුවක් හේතුවෙන් සිය ගණනක පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
චෙන්නායි නගරයේ භූගත ජල නලයකයි මෙලෙස ඇමෝනියා කාන්දුව සිදුව ඇත්තේ.
ඇමෝනියා කාන්දුවත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව නිවෙස් වලින් බැහැරව මහා මාර්ගයට පැමිණ ඇති අතර ඔවුන් ශ්වසන අපහසුතා / ඇස්වලට සිදුවූ හානි හා මුහුණේ පිළිස්සුම් වලට ලක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
ඔවුන් රෝහල් ගත කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.
ඇමෝනියා කාන්දුව සිදුවූ ස්ථානය ක්ෂණිකව හඳුනාගෙන එයට පිළියම් කිරීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.
ඇමෝනියා කාන්දුවත් සමග ජනතාව කලබලවීම හරහා තත්ත්වය බරපතල වූ බවයි සහන කණ්ඩායම් පවසන්නේ.