fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගය පැවැත්වෙන සියලුම පරිශ්‍ර පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 15:41

උසස් පෙළ විභාගය පැවැත්වෙන සියලුම පරිශ්‍ර පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

අධ්‍යනය පොදු සහතිපත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවයි,එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ.

“මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා.

ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා.  මේ තත්ත්වය මදුරු කීටයන් වර්ධනය වීමට සුබදායක තත්ත්වයක්.

උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කරනවා.

මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා…”

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්