fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ ගොවීන්ට ලබා දුන් බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක දිලීර

hasiniek
By hasiniek දෙසැම්බර් 27, 2023 15:22

යාපනයේ ගොවීන්ට ලබා දුන් බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක දිලීර

යාපනයේ ගොවීන්ට වගා කිරීම සඳහා එක් ව්‍යාපෘතියක් මගින් ලබා දෙන ලද බීජ අර්තාපල්වලට දිලීරයක් වැළඳී තිබීම සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය විමර්ශණය සම්බන්ධව ව්‍යාධිවේදය (Pathology) සම්බන්ධ නිලධාරියෙක් ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා යොදවනු ලැබූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ

දැනට සිදු කර ඇති විමර්ශණ අනුව මෙම බීජ අර්තාපල් ගබඩා කර තිබී ඇත්තේ ඊට සුදුසු ගොඩනැගිල්ලක නොවන බවද සඳහන්.

. බීජ අර්තාපල් ගබඩා කිරීමේ දී අනුගමනය කළ යුතු විදිමත් පියවර අනුගමනය නොකිරීම නිසා මෙම බීජ අර්තාපල්වලට දිලීර ආසාදනය සිදු වී ඇති බව හෙළිදරව් වී තිබෙනවා

කෙසේ වුවද මීට වගකිව යුතු නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිස ඒ සම්බන්ධව වගකීම බාර ගත යුතු බව සඳහන් කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඊට සුදුසු පියවර ගන්නා බව ද සඳහන් කළා

hasiniek
By hasiniek දෙසැම්බර් 27, 2023 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්