එළඹෙන 2024 වර්ෂයට අදාළව රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබනවා.
ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්.
මේ අතර, රජයේ සේවකයන්ගේ නිවාඩු ප්‍රමාණය 45 සිට 25 දක්වා අඩු කිරීමට ඉදිරිපත් කරන යෝජනාවට විරෝධය පළ කරන බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේ, අදාළ යෝජනාව වහා ඉවත් කර ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
නිවාඩු යනු රාජ්‍ය සේවකයන්ට හිමි වරප්‍රසාදයක් බවත් පවසන ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව නිවාඩු අඩු කිරීමට යෝජනා කිරීම වැඩ කිරීම ජනතා අයිතිවාසිකම් උල්ලංඝනයක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරනවා.