fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන මුදල් ඇමති ලබන මාසයේ දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 11:09

ජපාන මුදල් ඇමති ලබන මාසයේ දිවයිනට

ජපාන මුදල් අමාත්‍ය සුනිකි සුසුචි මහතා නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණිමට නියමිතයි.

ජපාන මුදල් අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඊයේ නිවේදනය කෙරුණා.

ලංකාවට අමතරව සුනිකි සුසුචි මහතා කාම්බෝජයේ සංචාරය කිරීමටද අපේක්ෂා කරනවා.

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපාන මුදල් අමාත්‍යවරයා මෙම සංචාරයේ දී අවධානය යොමු කරනු ඇති.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයින් මුණ ගැසී සාකච්ඡා කිරීමටද ජපාන මුදල් අමාත්‍යවරයා අපේක්ෂා කරන අතර ඔහු ලබන 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරයට එක්වනු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්