fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද සිට

hasiniek
By hasiniek දෙසැම්බර් 27, 2023 10:45

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද සිට

මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ ”යුක්තිය මෙහෙයුමේ” දෙවන අදියර අද(27) සිට නැවත ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවෙන් ඊයේ හා පෙරේදා යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කර තිබුණා.

එමෙන්ම යුක්තිය මෙහෙයුමෙන් සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

hasiniek
By hasiniek දෙසැම්බර් 27, 2023 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්