fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝය දිනයේ වැඩිමිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 08:52

පෝය දිනයේ වැඩිමිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා නීති විරෝධී අයුරින් මත්පැන් අලෙවි කිරීමේ නිරත වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවත් දැඩි කර තිබෙනවා.

පෝය දිනයේ වැඩිමිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු දොම්පේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව  දොම්පේ රදාවාන පාර වානලුවාව මන්ඩාවල යන ප්‍රදේශයේදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වයස අවූරුදු 38 ක් වන සැකකරු වැඩිදුර විමර්ශන සදහා දොම්පේ පොලීසියට භාර දුන්නා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්