fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ දූපතකින් කහ කිලෝ 400ක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 06:24

යාපනයේ දූපතකින් කහ කිලෝ 400ක් හමුවෙයි

යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් කාකෙයිතීව් ප්‍රදේශයේ ධීවර වාඩියක් ආසන්නයේ තිබී වියලි කහකිලෝ 400 ක ප්‍රමාණයක් ඊයේ (26) සොයාගෙන තිබෙනවා.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායද ඒක්ව සිදුකරන ලද සෝදිසියකදී කාකෙයිතීවූ ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියක් ආසන්නයේ නතවාත තිබූ ධීවර බොට්ටු දෙකක සඟවා තිබූ අදාල වියලි කහ තොගය සොයාගනු ලැබුවා.

ඒහිදී උර 16 ක තිබූ අදාල වියලි කහකිලෝ 400 ක ප්‍රමාණය සොයාගෙන ඇති අතර ධීවර බොට්ටු දෙකේ අයිතිකරුවන් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැත.

මෙම වියලි කහ ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සූදානම් කර තිබියදී ආරක්ෂක අංශ දැක ජවාරම් කරුවන් පලා යන්නට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පලකරනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 06:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්