fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට තද වැසි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 06:10

ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 06:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්