දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුවත් සමඟ සීත දෙසැම්බරයේ සුන්දරත්වය විදගන්නට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අති විශාල ජනකායක් නුවරඑළිය නගරයට හා නුවරඑළිය නගර ආසන්නයේ සහ අවට පිහිටි සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ
මහතා පැවසුවා
කෙසේ වෙතත් සංචාරකයන් කොතරම් ප්‍රමාණයක් නුවරඑළියට පැමිණියද නුවරඑළිය නගරය තුළ නිසි සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක නොවීම හා වාහන ගාල්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති හේතුවෙන් සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවයි ඔහු කියා සිටියේ.