ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් සැමරුම් උත්සවය දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සුනාමියෙන් මියගිය පිරිස් සිහිකරමින් ආගමික වතාවත් සිදු කෙරුණා.
ජාතික සුරක්ෂිතතා දිනය රජය මගින් ප්‍රකාශයට පත්කළේ 2006 වසරේයි.
ඒ අනුව අදට යෙදී ඇති එම දිනය වෙනුවෙන් සුනාමියෙන් මෙන්ම ස්භාවික ව්‍යසන වලින් මියගිය පිරිස් සිහිපත් කිරීමට කටයුතු කෙරුණා.
2004 වසරේ දෙසැම්බර් 26 වනදා කොළඹින් පිටත් වූ අංක 501 දරණ දුම්රිය පැරෑලියේ දී සුනාමි රළ පහරට හසුවුණේ මගීන් 1,270 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින්.
තවත් 242 නෙකු එහිදී අතුරුදන් වුණා. එය සිහිපත් කරමින් කොළඹ සිට එම දුම්රිය අද උදෑසන ගමන් ආරම්භ කළේ එදා රළ පහරට හසුවී මියගිය අයගේ සමීපතමයින් පිරිසක් ද සමඟයි.
සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් දුම්රියේ එන්ජිම සහිතව දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට ගමන් ආරම්භ කළා.
එහිදී කොටුව දුම්රියපොල නිලධාරීන් එම දුම්රිය තුළදී සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම ද සිදුකළා.
එම දුම්රිය පැරෑලියට ළගාවීමෙන් අනතුරුව එහි පැමිණි පිරිස සුනාමි ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීම සිදුකළා.
පැරෑලිය සුනාමි ස්මාරකය අභියස පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මියගිය පිරිසට පිං පැමිණවීම සිදුවුණා.
රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා , දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර දිවයිනේ ස්ථාන රැසකදීම සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් විවිධ සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.
ගාල්ල නගරයේ දී සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමේ විශේෂ සැමරුම් සංවිධාන කර තිබුණා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සුනාමියෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/S5nMc5JsIQo”]