බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා
මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ ඒ ඒ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන්ට ඔවුන් වෙත නිකුත් කර ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රවේශ පත්‍ර බාගත කර ගත හැකියි.
https://apps.exams.gov.lk/principals/admissions