fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියදම් අඩු කරගන්න ඇෆ්ගනිස්තානයේ පැවැත්වූ සමූහ විවාහ උත්සවය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2023 11:32

වියදම් අඩු කරගන්න ඇෆ්ගනිස්තානයේ පැවැත්වූ සමූහ විවාහ උත්සවය

වියදම් කපා හැරීමේ අරමුණින් ඇෆ්ගනිස්තානයේ යුවල 50ක් සමූහ විවාහ උත්සවයකදී විවාහ වී තිබෙනවා.

අඩු ආදායම්ලාභී අඹුසැමියන් සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක දී සිදු වන අධික වියදම් මඟහරවා ගැනීමට උත්සාහ කිරීම නිසා මෙවැනි උත්සව බහුලව ඇෆ්ගනිස්තානයේ සිදු වනවා.

මෙම උත්සවයේ දී මනාලියන් වෙනම රැඳී සිටි අතර ඔවුන් පෙනී සිටියේ දිවා ආහාරයෙන් පසුව පමණක් බව ප්‍රාදේශීය මාධ්‍ය පවසනවා.

කාබුල් හි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ පුණ්‍යායතනයක් විසින් වන අතර එමඟින් අලුත විවාහ වූවන්ට ඔවුන්ගේ විවාහ ජීවිතය ආරම්භ කිරීම සඳහා කාපට් සහ ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය ද ලබා දෙනු ලැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2023 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්