fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි මාස 6 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් තුරන් කරනවා – ඇමති ටිරාන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2023 10:36

ඉදිරි මාස 6 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් තුරන් කරනවා – ඇමති ටිරාන්

ඉදිරි මාස 6 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් තුරන් කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා.

යුක්තිය මෙහෙයුම කිසිසේත් නතර කරන්නේ නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම රට පුරා ක්‍රියාත්මකයි.

මේ වනවිටත් සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් දොළොස් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ රථවාහන , නිවාස ඇතුළු දේපල ද පොලිස් භාරයට ගැනීමටයි පියවර ගැණුනේ.

ඊයේ දිනය පුරාද දිවයින පුරා යුක්තිය මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

චෙක් රාජ්‍ය යේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් සමඟ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

ඔහු කිසියම් අපරාධයක් සඳහා සැළසුම් කර සිටි බවටයි හෙළිවී තිබෙන්නේ.

විශේෂ කාර්ය බලකායේ මන්නාරම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල වැටලීමේ දී මත් පෙති ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේසාලේ ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

ඔහු ළඟ තිබී මත් පෙති දහසක් සොයාගත් අතර ජාවාරම සදහා යොදා ගැණුනු යතුරුපැදියක් ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගත්තා.

මේ අතර අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ කිසිවෙකුගේ බලපෑම්වලට යටත්ව යුක්තිය මෙහෙයුම නතර නොකරන බවයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2023 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්