fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන් වූ තරුණියන් දෙදෙනා කඩයක වැඩට යන අතරතුර සොයා ගනී

hasiniek
By hasiniek දෙසැම්බර් 25, 2023 17:05

අතුරුදන් වූ තරුණියන් දෙදෙනා කඩයක වැඩට යන අතරතුර සොයා ගනී

පසුගිය ඔක්තෝබර් මස අතුරුදන් වූ ගලගෙදර සහ මාවතගම ප්‍රදේශවල පදිංචි යස අවුරුදු 18ත් 19ත් අතරේ පසුවන තරුණියන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේ රැඳී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා

ඒ ඔවුන් මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී කාමරයක නැවතී සිට වෙළෙඳසැලක සේවයට යන අතරතුර දියි

නිවැසියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී ඔවුන් මෙලස හමුවී ඇති අතර මාතර පොලීසිය විසින් අදාළ තරුණියන් දෙදෙනා අද (25) සිය භාරයට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කළා

ඉදිරියේදී අදාළ තරුණියන් දෙදෙනාගේ මව්පියන් මාතර පොලිස් ස්ථානය වෙත කැඳවා ඔවුන්ව භාරදීමට නියමිත බව පොලිසිය සඳහන් කළා

hasiniek
By hasiniek දෙසැම්බර් 25, 2023 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්