fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම හෙට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2023 12:12

ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම හෙට

හෙට (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් නිහැඬියාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.

ජාතික සුරක්ෂිතතා දිනය හෙටට (26) යෙදී ඇති අතර 2004 වසරේ දී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය සහ විපතට පත්වූවන් එහිදී සිහිකෙරේ.

මෙහි ප්‍රධාන සැමරුම හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල පැවැත්වීමට නියමිතය.

2004 වසරේ දෙම්බර් 26 වන දා සිදුවු සුනාමි ව්‍යයසනය සම්බන්ධයෙන් ජනතාව තුළ තවමත් යම් කැළබීමක් පවතිනවා.

හෙටට යෙදී ඇති දෙසැම්බර් 26 වනදා එවැනි සුනාමිය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරන්නේ.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2023 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්