fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවතැන් කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 70 දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2023 09:46

අවතැන් කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 70 දෙනෙකු මරුට

අවතැන් කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 70 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානය පවසනවා.

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසාහි මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු මිය ගිය බවයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායල හමුදාව බීබීසීයට පවසා ඇත්තේ එවැනි ප්‍රහාරයක් පිළිබඳ වාර්තා නොවන අතර ඒ පිළිබඳව සොයා බලන බවයි.

ඊශ්‍රායල සහ අරාබි මාධ්‍ය පවසන්නේ ගාසා තීරයට මායිම්ව ඇති ඊජිප්තුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය  අතර සටන් විරාමයක් සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

තුවාල ලැබූ බොහෝ පිරිසක් මාගාසි සිට අසල පිහිටි අල්-අක්සා රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2023 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්