පාදුක්ක රුක්වත්ත ගනේගොඩ සහ පාදුක්ක පුස්වැලි මාවත පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්.
පාදුක්ක, රුක්වත්ත ගනේගොඩ මාර්ගයේ සහ පාදුක්ක පුස්වැලි මාර්ගයේ තිබූ පාලම් අබලන් තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා.
පැරණි පාලම් වෙනුවෙන් නව පාලම් ඉදිකිරීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එම ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 1790ක්.
පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බදුබර අඩුකරමින් ඉදිරියේදී ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/eBaZF8GWbmU”]