fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද මධ්‍යම රාත්‍රියේ උදා වෙන අසිරිමත් නත්තල

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 13:20

අද මධ්‍යම රාත්‍රියේ උදා වෙන අසිරිමත් නත්තල

සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවනවා.

පොව පුරා කිතුනු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ද නත්තල පිළිගැනීමට උද්‍යෝගයෙන් සූදානම්ව සිටිනවා.

සෑම දේවස්ථානයක් මෙන්ම මංමාවත් නත්තල් සැරසිලිවලින් අලංකාරවත් කර ඇති ආකාරය ද දැකගත හැකියි.

මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා මෙලොව ජනිත වූ දේව පුත්‍රයාගේ අති රමණීය උපත සිහිකරමින් කිතුනු ජනයා නත්තල සිහිපත් කරනවා.

මානව වර්ගයාගේ ගැලවුම්කරුවා වූ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ හෙරොද් රජ දවස බෙත්ලෙහෙමේ ගව මඩුවක ඉපිද මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් අසීමිත කැපකිරිමක් සිදු කළා.

නත්තල උදාව පිළිගැනීම වෙනුවෙන් රටපුරා දේවස්ථානවල විශේෂ දේවමෙහෙය සංවිධාන කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්