මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි යුක්තියේ සටන සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශාල සහායක් තමන්ට හිමිවන බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
නමුත් මෙම සටන ජයගන්නට නම් මහජනතාවගේද සහාය තමන්ට අවශ්‍ය බවයි මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ගල්කිස්ස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා. ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක /වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් එක්වුණා. හෝමාගම පැවති මෙම වැඩසටහනේදී පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කිරීම හා මුදල් ත්‍යාග පිරිනැමීම ද සිදුවුණා.