fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් සිය ගණනක් ඊශ්‍රායල අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 10:53

හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් සිය ගණනක් ඊශ්‍රායල අත්අඩංගුවට

හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් සිය ගණනක් අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

පසුගිය සතිය තුළදී පමණක් හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් 200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ. ඔවුන් සිවිල් වැසියන් අතර සැගව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 7 වන දින මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත හමාස් සාමාජිකයින් ගණන 700 පමණ වන බවද සදහන්. කෙසේ වුවද හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඔවුන්ගේ සාමාජිකයින්ගේ දරුවන් හා භාර්යාවන් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කරන බවයි. ප්‍රහාර ආරම්භයේ සිට මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පලස්තීන වැසියන් සංඛ්‍යාව 20,000කට අධික වන අතර 53,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්