fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරඟ තහනමකට ලක්වී සිටි ධනුෂ්ක SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර ලකුණු 10 ක් ලබා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 06:20

තරඟ තහනමකට ලක්වී සිටි ධනුෂ්ක SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර ලකුණු 10 ක් ලබා ගනී

වසරක පමණ කාලයක් තරඟ තහනමකට ලක්වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ සිය පළමු තරගය වෙනුවෙන් SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා.

නමුත් එහිදී ධනුෂ්කට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණයි.

2022 වසරේ ඔක්තෝබර් මාසයේදී SSC ක්‍රීඩා සමාජයේ විනය කමිටුව පැනවූ තරග තහනම ඉවත් කිරීමෙන් පසු ඔහු SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඊයේ පළමුවරට ක්‍රිකට් තරඟයකට සහභාගී වී තිබුණි.

මෙහිදී SSC ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරඟයේ කාසියේ වාසිය දිනු SSC ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සමඟ ධනුෂ්ක ගුණතිලකයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී ලකුණු 10ක් රැස්කළ අතර ඊට හතරේ පහර දෙකක් ඇතුළත් වුණා.

තරගය නැරඹීම සඳහා ධනුෂ්ක ගුණතිලකගේ පවුලේ අය ද එක්වී සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක්.

SSC ක්‍රීඩා සමාජය පන්දුවාර 41යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණි. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50යි.

ලකුණු 153ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නුගේගොඩ ක්‍රීඩා සමාජයට පන්දුවාර 37ක් අවසානයේදී කඩුලු 7ක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛයාව 125ක්.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කළ අතර ලකුණු 6කින් තරඟය ජයගත්තේ SSC ක්‍රීඩා සමාජයයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 06:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්