fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 05:37

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ දරු දෙදෙනෙකුගේ මවක් විසිනුයි මෙසේ බිළිඳු කලලය වළදමා තිබෙන්නේ.

තම සැමියාගෙන් වෙන්වී දරුවන් සමග හුදකලාවී ජීවත්වූ ඇය ගාලදිවුල්වැව, ප්‍රදේශයේ 44 හැවිරිදි එක්දරු පියෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ.

කලලයට මාස 6ක කාලයක් ගතවෙනවාත් සමගම දරුවා ගබ්සා කිරීම සඳහා යම්කිසි පෙති වර්ගයක් පානය කළ බවද සැකකාර කාන්තාව පොලීසියට පවසා තිබෙනවා.

එම තොරතුරු මත සිදුකරන ලද විමර්ශනවලදී අදාළ බිළිඳු කලලය වළදමා තිබූ ස්ථානය තඹුත්තේගම පොලීසියට සොයාගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු සහ සැකකාරිය ජනවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 05:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්