fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රාග් විශ්වවිද්‍යාලයේ සමූහ වෙඩි තැබීමෙන් මිය ගිය අය සිහි කිරීමට ශෝක දිනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 16:26

ප්‍රාග් විශ්වවිද්‍යාලයේ සමූහ වෙඩි තැබීමෙන් මිය ගිය අය සිහි කිරීමට ශෝක දිනයක්

චෙක් ජනරජයේ ප්‍රාග් විශ්වවිද්‍යාලයේ සමූහ වෙඩි තැබීමෙන් මිය ගිය අය සිහි කිරීමට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රාග් විශ්වවිද්‍යලායේ පෙරේදා දිනයේ සමූහ වෙඩි තැබීමක් සිදුවුණා.

ඉන් ශිෂ්‍යන් 14 දෙනෙකු මිය ගිය අතර වෙඩික්කරු ද සියදිවි හානි කර ගත්තා.

අද දිනයේ එරට රජයේ ගොඩනැගිලි වල ධජ අඩකුඹු කර ඇති අතර මධ්‍යම රාත්‍රීයේ විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිටුපස ඇති අරමුණ අනාවරණ කර ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මෙය මෙම සියවසේ හුදෙකලා තුවක්කුකරුවෙකු විසින් යුරෝපයේ සිදුකළ මරාන්තිකම ප්‍රහාරය ද වනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්