ප්රංශයේ නත්තල් රාත්රී භෝජන සංග්රහයකින් පසු 700 දෙනෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
එයාර් බස් ඇට්ලන්ටික් සමාගමේ නත්තල් රාත්රී භෝජන සංග්රහයෙන් පසුවයි මෙම පිරිස අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන්නේ.
ඔවුන් වමනය සහ පාචනය තත්ත්වය පෙන්නුම් කර තිබෙනවා.
දැනට අනුමාන කෙරෙන්නේ ආහාර විෂ විමක් හේතුවෙන් මොවුන් රෝහල් ගත වී ඇති බවයි.
එයාර් බස් ඇට්ලන්ටික් ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදකයා වනවා.
එම සමාගමේ 15000ක සේවකයින් පිරිසක් සිටින අතර රටවල් පහක ඔවුන්ගේ ශාඛා පිහිටුවා තිබෙනවා.