fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජබයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 11:39

සජබයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස

ඉදිරි ජනාධිපතිවරණයේ සමගි ජනබලවේගයේ අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

සියලු දෙනා සමඟ සාකච්ඡා කර සන්ධානගතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ඒ මහතා පවසන්නේ.

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා.

ඒ පිටකෝට්ටේ පිහිටි සමගිජනබලවේග පක්ෂ කාර්යාලයේදීයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය 2කට ආසන්න කාලයක් පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්